ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය කහපොල

පාසලේ ඉතිහාසය

වෙබ් අඩවි ප්‍රකාශන දිනය

ssss.jpg
ssss.jpg

අපේ පාසලේ ඉතිහාස කතන්දරේ 

කළු ගගේ අතු ශාඛාවක් වූ ගමට දකුණු පසින් ගමන් කරන බොල්ගොඩ නදිය කළුතර හා කොළඹ දෙදිසා වෙන් කරන අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීමාවාසික බොල්ගොඩ ගං මිටියාවතේ පිහිටි කහපොළ ගම්මානය ඉතා සුන්දර‍ය දර්ශනීය ගම්මානයකි. මනස්කාන්ත පරිසරයක පිහිටි මෙම ගම් පියසේ ජීවත් වූ ගම්වාසීන්ට කිසියම් ආකාරයක  පහසුකම් නොතිබුණු අතර ගමට පිවිසීමට පාරක් වත් නොතිබුනි. වන රොද අතරින් පිහිටි ගුරු පාරවල් ගමේ එහා මෙහා යාමට භාවිතා කළේය එවකට ගමේ ජීවත් වූ ගම් වැසියෝ ප්‍රාථමික මට්ටමේ ඉතා දිළිඳු ජීවිතයක් ගත කළේය. බොල්ගොඩ ගං මිටියාවත සමඟ හුදකලා වීම නිසා ගම්වැසියෝ විශේෂිත සංස්කෘතියක් සඳහා උරුම හිමිකම් කියා පෑහ. මනරම් පරිසරය භාවනානුයෝගී සිත් වසඟ කරන සුන්දර ගම්පියසක පියසට භාවනා කිරීම සඳහා පැමිණි කොරලන්පොත්තෙ පඤ්ඤානන්ද හිමිපානන් වහන්සේ දොඩම්දුවේ සරණපාලාරාමයේ වැඩ සිටියේය. 1927 උන්වහන්සේගේ ආගමනය නිසා ආගමික,අධ්‍යාපනික, සාමාජීය වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික සංවර්ධනයේ ආරම්භයක් සනිටුහන් විය.

උන්වහන්සේ ගම ගොඩනැගීමට ගම්වැසියන්ගේ අදහස් උදහස් සිතුම් පැතුම් හා හැසිරීම් රටා පෙළගස්වන්නට දැරූ උත්සාහයන් අනන්තය කෙනෙකුගේ උපතේ සිට විපත දක්වාම ඒ ඒ අවස්ථාවල  හැසිරිය යුතු ආකාරය මං ජීවිතය සකස් විය යුතු අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කර සෑම විටම කටයුතු කළ සේක.

නොමිලේ ගම්වැසියන් සකස් කිරීමට ගත් උත්සාහයේ උන්වහන්සේ අවබෝධ කරගත් කරුණු වන්නේ මිනිස් කොට්ඨාසය ගොඩනගා ගත යුතු එකම මාර්ගය ඔවුනට අධ්‍යාපනය ලබාදීම බවයි.

කහපොළ ගම්මානයට පාසලක් ලබා දෙන ලෙස 1929/08/19 වැනි දින කොළඹ මහා දිසාපති තුමන් හට පෙත්සමක් මගින් දැනුම් දෙන ලදී. කාලය කෙමෙන් ගත වුවද පෙත්සමට පිළිතුරක් නොමැති බැවින් අවිහිංසාවාදී සටනක් පණ පොවන ලදී. ගමට පාසලක් ලබා දෙනතුරු ඇඟ බදු ලබා නොදෙන බවට නැවතත් 1930/04/29 වැනි  දින පෙත්සමක් යවන ලදී.

එවකට කොළඹ උපදිසාපති තුමාගේ මූලිකත්වයෙන් 1930/05/22 දී පෙත්සම විභාගකොට පාසල ලබා දීමට  තීරණය කරන ලදී. එම නිසා ගමට දැඩි අවශ්‍යතාවයක්ව තිබූ පාසල උන්වහන්සේගේ සිතේ වූ විශාල සිහිනයකි. එම සිහිනය සැබෑ කර ගැනීමට  එවකට පානදුර මන්ත්‍රි සුසන්ත ද ෆොන්සේකා මැතිතුමාගේ අනුග්‍රාහක ආධාරයෙන් සතුටින් පිනා ගිය  ගම් වැසි මහා දානපතීන් ගෙන් ලද.'' නාපිරිත්ත ගහලන්ද '' ඉඩම පරිත්යාග කරන ලදී.

 1934/08/01 වැනිදින කහපොළ කනිෂ්ඨ විද්‍යාලීය ආදි කර්තෘ දිනය ලෙස ඉතිහාසයට එක්විය.  පොල්අතු සෙවිලි කළ ගොඩනැගිල්ලකින් ඇරඹූ මෙම විද්‍යාලයේ ආරම්භක විදුහල්පති තුමා එච්. ආර්. ප්‍රනාන්දු මැතිතුමා කටයුතු කළ අතර එතුමා සමඟ ඇදුරු මඩුල්ල 4 විය. එහි ඉගෙනුම ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 9කි. මෙම විද්‍යාලයට පැමිණි දරුවන් ප්‍රධාන පරම්පරා 4 ට අයත්විය. ඒවානම්,

  • අර්ෂ මරක්කලගෙ

  • මන්ත්‍රිහේවාගේ

  • වීරසිංහගේ

  • බෝධියා බදුගේ යන්නයි.

     මෙම විද්‍යාලයට දීප්තිමත් යුගයක් උදාවූයේ සූරසේන නමැති දක්ෂ විදුහල්පතිවරයාගේ සමයේදීය. කොට්ට ගම්ප්‍රදේශවල
    ( ජඹුරලිය, පොල්හේන, මඩපාත) දරුදැරියන් ද අධ්‍යාපනය ලබා ගැනීමට මෙම පාසලට පැමිණි බවට ඉතිහාසයේ සඳහන් වෙයි. 

මෙම කාලයේදී විද්‍යාලයට දක්ෂ සංගීත කණ්ඩායමක් තිබුණු අතර බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලබා ලබාදීම ද සිදු විය. එවකට විවිධ වගා ව්‍යාපෘති පවත්වාගෙන ගිය අතර අල බතල මඤ්ඤොක්කා ආදී බොහෝ දේ වගා කර තිබුණි. සත්ව පාලනය ලණු ඇඹරීම කොහුවලින් පාපිසි සෑදීම ආදිීය සිදුවුණි. ලණු ඇඹරීම සඳහා කුඩා මැෂිමක් ද විය.

දහවල් හා රාත්‍රී පන්ති වශයෙන් කොටස් දෙකකට පන්ති පැවැත්වූ අතර දහවල් පාසලේ සිසුන් සඳහා ද රාත්‍රී පාසල වැඩිහිටියන් සදහාද විය.  මැහුම් ගෙතුම් වැනි අත්කම් නිර්මාණ ද පැවතුණි.

1990/10/04  දී ලලිත් ඇතුළත් මුදලි ඇමතිතුමා විසින් ප්‍රථම දෙමහල් ගොඩනැගිල්ල ඉදි කොට සිසු අයිතියට පවරා දෙන ලදී.

 2004/08/03 වැනි දින වෛදය පී. එල්. ඩබ්ලිව්. රුක්මාල් මහතා විද්යාලයේ වැඩ භාරගත් අතර විද්‍යාලයට පුනරුදයක් ඇති කරන ලදී  විද්‍යාලයේ භෞතික හා මානව සම්පත්වල කැපීපෙනෙන සුවිශේෂී  මාවතකට ගමන් කරමින් වර්ධනාත්මක ගති ස්වභාවයක් පෙන්වයි කොට්ඨාස කලාප වගේම බස්නාහිර පළාතේ සුපතළ නමක් හිමි කර දෙන්නට පුරෝගාමීව කටයුතු කළේය.විද්‍යාලයේ භෞතික හා මානව සම්පත්වල කැපීපෙනෙන සුවිශේෂී මාවතකට ගමන් කරමින් වර්ධනාත්මක ගති ස්වභාවයක් පෙන්වයි කලාප වගේම බස්නාහිර පළාතේ සුපතළ නමක් හිමි කර දෙන්නට පුරෝගාමීව කටයුතු කළේය.

අනතුරුව වත්මන් විදුහල්පති ඩී.ඩී ගමගේ මහතා විසින් වැඩ බාරගනිමින් කටයුතු කරගෙන යයි.

  • පාසල ආරම්භ කළ වර්ෂ‍ය           =             1934/08/01

  • ආරම්භ කළ වර්ෂය

 1934 අගෝස්තු 01

  • එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

   04

  • පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

   09

  • මුල්ම විදුහල්පතිතුමාගේ නම 

  එච්.ආර්.ප්‍රනාන්දු මයා

  • මුල්ම විදුහල්පති ඇතුළු ඇදුරු මණ්ඩලය

   04

  • පාසලේ මුල් ගොඩනැගිලි ගණන

   01

  • පාසලේ නම

  ශ්‍රි පඤ්ඤානන්ද විද්‍යාලය

  • විද්‍යාලීය ආදී කර්තෘ දිනය

  1934 අගෝස්තු 01

  • පාසල පැවැත්වූ ස්ථානය

 පිලියන්දල,කහපොල ගම්මානයේ