සක්වල නිම් කොට කිත් පතුරාලා
ලක් බිමට ම මහ එලියක් වී
සිප්කිරි දී ගුණ නැණ නිදහන් පා
කහපොල විදුහල් මව සැරදේ......//
ඔබ නම ඔබ ගුණ තබා හදේ
සරු කර ඔප කොට අනාගතේ
ලක් මව වෙත කරනට මහ සේවා
ගිවිසුම් දෙමු ඔබෙ දෙපා පුදා......//
දෙස බස රැස යන තුන් රුවනේ
මහිම කියා එඩි පෑ මව්නේ
ඔබ දෙන දිරි නැණ විකුම් ලබා
පෙරටම යමු අපි තවද නොබා......///