1934-1953 |
K.සූරසේන මයා |
කේ සූරසේන විදුහල්පතිතුමා 1916 වර්ෂයේ අප පාසල වන කහපොල ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට පැමිණ ඇත. එකල මෙම පාසල කහපොල කණිෂ්ඨ විදුහලකි. මෙතුමා අප පාසලේ දෙවන විදුහල්පතිවරයාය. එතුමා විසින් අප පාසලේ ප්‍රථම දෙමහල් ගොඩනැගිල්ල සංවර්ධනය කොට ගොඩනඟා ඇත.තවද අඩු පහසුකම් ඇති දරුවන් උදෙසා ද ආධාර කොට උපකාර කර ඇත .එතුමා වසරදහ 18 මාස 11 අප පාසල වෙනුවෙන් කැපවී සිට 1934 ඔක්තොම්බර් 01 දින මෙම පාසලින් ඉවත් විය |
|
1979-1988 |
K.B.L ගුණසේකර මිය |
1970 වර්ෂයේ K.B.L ගුණසේකර මිය අප පාසලට පැමිණියාය. එතුමිය අප පාසලේ 11 වෙනි විදුහල්පති නිය වේ. එතුමිය විසින් පාසලේ ළමුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කර ඇත. මෙමගින් අප පාසල සංවර්ධනය විය .ළමුන් සංඛ්‍යාව වැඩි වූ හෙයින් අප ගමේ බොහෝ දරුදැරියන්ට තමන්ගේ දස්කම් විස්කම් පෑමට අවස්ථාව උදාවිය. මෙතුමිය සෑම දරුවෙක් උදෙසාම සදාදරණීය මෑණියක් වැන්න. ඇය කාගෙත් සිත් ගන්නා සුළුය .මෙතුමියගේ පාසලට ලැබුණු මෙහෙවර අතිමහත්ය 1979 පෙබරවාරි 01 දින මෙම උදාර විදුහල්පතිනිය අප පාසලෙන් නික්මිණි. |
|
2004-2020 |
වෛද්‍ය P.A.L.W. රුක්මාල් මයා |
වෛද්‍ය ඩබ්ලිව් රුක්මල් විදුහල්පතිතුමා 2004 වර්ෂයේ අප පාසලට පැමිණියේ ය. එතුමා ගෙන් අප පාසලට සිදු වූ සේවය මිල කළ නොහැකිය .එතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් අප පාසල හරිතවත් පාසලක් විය. එමගින් දරුවන් උදෙසා එළිමහනේ ද අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වන සෙවන ලැබිණි.එමෙන්ම විවිධ වූ ශාක පිළිබඳ අධ්‍යනය කිරීමට ද දරුවන්ට අවස්ථාව උදාවිය. තවද මෙතුමා ආයුර්වේද වෛද්‍යවරයෙක් උපදේශකවරයෙක් මෙන්ම කථිකාචාර්යවරයෙක් ද විය .බොහෝ අත්දැකීම් සහිත පුද්ගලයෙක් වශයෙන් සිටි මෙතුමාගෙන් අප උගත් දේ බොහෝය. වසර 15 මාස 05 අප පාසල වෙනුවෙන් කැපවී වැඩ කළ මෙතුමා 2020 අපගේ සිත් තුළ නොමැකෙන මතකයක් එක් කරමින් විශ්‍රාම දිවියට පැමිණියේය |