පාසලෙන් ඇරඹෙන සූප ශාස්ත්‍රය
අනාගත වැඩලොවට නව දිරියක් වෙමින් වැඩ ලොවේ වැඩ භාරගැනීම සඳහා බාධක කෙතරම් පැමිණියත් පහළට ගලා යන ගංගාවක් මෙන් දැනුම ලබාගෙන බාධක හමුවේ ඉගෙන ගන්න දරුවන්ගේ එකමුතුබවෙන් හා ක්රියාශීලීත්වයෙන් මෙන්ම ඉතා දැඩි ආසාවකින් යුක්තව 2023 ඔක්තොම්බර් 25 දින අප පාසලේ සූප ශාස්ත්‍ර තරගාවලියක් පැවතුණි. මේ සඳහා ද්විතියික අංශයේ සිටින සියලුම සිසුන්ස සහභාගී විය.කණ්ඩායම් 25 කින් යුත් මෙම වැඩසටහන මගින් දරුවන්ගේ විවිධ හැකියා ඉස්මතු විය.පහසුවෙන් ලබා ගත හැකි එළවළු හා පළතුරු වර්ග වලින් නවීන ආකාරයට හා පෝෂණය වැඩි වශයෙන් ලබා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ විය. මෙම තරඟයෙන් පළමුවන, දෙවන හා තුන්වන ස්ථාන තේරී පත්වූවා. තවත් කණ්ඩායම් දහයක් සඳහාද තෑගි පිරිනැමීම සිදුවූවා. පළමු ස්ථානය ලෙස 09 ශ්‍රේනියේ කණ්ඩායමක් ද, දෙවන ස්ථානය ලෙස 08 ශ්‍රේනියේ කන්ඩායමක් හා තුන්වන ස්ථානය ලෙස 10 ශ්‍රේනියේ කණ්ඩායමක්ද තේරී පත්විය. මෙම වැඩසටහන මගින් ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද ඉවුම් පිහුම් කටයුතු සඳහා නැඹුරු භාවයක් දැක්වීය. තවද විවිධ උපකරණ භාවිතය, විවිධ ආහාර වර්ග ගැන මෙන්ම ආහාරයේ පෝෂණය රැකගෙන ඒවා රසවත් ලෙස ද අලංකාරවත් ලෙස ද ආහාර සකසා පිළිගැන්වීම ඉගෙන ගැනීමට ද පාසලේ සිසුන්ට අවස්ථාවක් උදා විය. එමෙන්ම එකමුතුව වැඩක් කිරීමට මෙන්ම සමාජානුයෝජනය වීම හා ඒකාබද්ධතාවයකින් වැඩ කිරීමට දරුවන් හුරු විය. තවද දිනුම පැරදුම එකසේ විඳ දරා ගැනීමට හුරු විය. මෙවැනි සූප ශාස්ත්‍ර තරග මගින් දරුවන්ගේ ජීවිතයට ලැබෙනුයේ ඉතා වටිනා මෙන්ම නොමැකෙනා අත්දැකීමකි. නැවතත් පාසලේ මෙවැනි තරගයක් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් එදින තරගාවලිය අවසන් විය.
This Article By Chamod Lasindu